පිස්ටෝරියස් හිරේ යැවීමෙන් දුවගේ මරණයට සාධාරණයක් වුණේ නෑ. - රිවාගේ මව්පියෝ කියති.

කෘතිම දෙපා යුවළක් යොදා ගනිමින් ඔලිම්පික් පදක්කම් දිනූ දකුණු අප‍්‍රිකානු ධාවන ශූර ඔස්කාර් පිස්ටෝරියස් සිය පෙම්වතිය ඝාතනය කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුව ගැන ඇගේ දෙමාපියන් විරෝධය පළ කර තිබෙනවා. ප‍්‍රිටෝරියා අධිකරණය තීන්දු කළේ රීවා ස්ටීන්කෑම්ප් ඝාතනය සම්බන්ධයෙන් ඔස්කාර් වරදකරු නොවන බවයි. එහෙත් මරණයට අනියම් ලෙස ඔහු වගකිව යුතු බවට අධිකරණය තීන්දු කළා. ඒ අනුව ඔස්කාර්ට සිර දඩුවම් නියම කළ හැකි නමුදු රීවාගේ දෙමාපියන් පවසන්නේ අධිකරණයෙන් සිය දියණියගේ මරණයට සාධාරණයක් ඉටු නොකළ බවයි. ඔස්කාර් පිස්ටෝරියස්ට දඩුවම් නියම කිරීම ඔක්තෝම්බර 13 වන දා සිදුකිරීමට නියමිතයි.






Comments