කේෂානි පැහැරගත් ප‍්‍රධාන සැකකරු අල්ලයි විඩියෝ සහිතයි


කුරුණෑගල වැල්ලව ප‍්‍රදේශයේ තමාරා කේෂානි බණ්ඩාර විජේකෝන් දැරිය පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

ඒ, දීගම පාලම අසල ප‍්‍රදේශයේදීයි. ඒ පිළිබඳ කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා.

z සිද්ධියේ ප‍්‍රධාන සැකකරු දීගම ප‍්‍රදේශයේදී වැල්ලව පොලිසිය සහ ප‍්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් අත්අඩංගුවට ගෙන තිඛෙනවා... සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් පරීක්ෂණ පවත්වාගෙන යනවා... ඊයේ පස්වරුවේ පමාරා කේෂාලී බණ්ඩාර පොලිස් භාරයට ගත් අවස්ථාව වන විටත් සිය නිවස තුළ සැගවී සිටි, ගාමිණී නැමැති ප‍්‍රධාන සැකකරු ලද ඇසිල්ලකින් පොලිසියෙන් සහ ප‍්‍රදේශවාසීන්ගෙන් මිදී අසල පිහිටි වන ලැහැබකට වැදී පලාගියේය.

පළාගිය ගාමිණි සොයා පොලිස් නිලධාරීන්, අපරාධ පරීක්ෂණ නිළධාරීන් සහ නෙරියාව
ප‍්‍රදේශවාසීන් එක්ව ප‍්‍රදේශයේ ළදු කැලෑ, පොල්වතු ආදී ස්ථාන පීරමින් ගාමිණි නැමැත්තා අත්අඩංගුවට ගැනීම සදහා පුළුල් සෝදිසි මෙහෙයුමක් දියත් කළද දීවීමේ ශ=රයෙකු බව කියන සැකකරු පිළිබද හෝඩුවාවක් හෝ සොයාගත නොහැකි විය.

මේ අතර කිසියම් පිරිසක් විසින් ඊයේ රාත‍්‍රියේදී ඔහුගේ නිවසට පහරදී , එහි තිබූ ගෘහ භාණ්ඩවලට අලාභහානි කර ඇති අතර ගාමිණිට අයත් බව කියන ඔහුගේ නිවස අසල පිහිටි ගඩොල් පෝරණුවකටද ගිනිතබා විනාශ කර තිබේ.

විවිධ සමාජ විරෝධී සහ නීතිවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ බව කියන 32 හැවිරිදි මෙම ගාමිණි නැමැති සැකකරු නෙරියාව ප‍්‍රදේශවාසීන්ගේ නොමද අප‍්‍රසාදයට පත්ව සිටින පුද්ගලයෙකි. දැරිය රදවාගැනීමට අනුබලදීම සම්බන්ධයෙන් ඊයේ ගාමිණිගේ මව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ප‍්‍රදේශවාසීන් විසින් ඇයට පහර දෙන්නට උත්සාහ කිරීම හේතුවෙන් තත්වය පාලනය කිරීමට පොලිසියට දැඩි පරිශ‍්‍රමයක් දරන්නට සිදු විය.


සොරකම් කිරීම, ග‍්‍රීස් යකෙකු ලෙස නිවෙස් වලට ඇතුළුවීම, මත්ද්‍රව්‍ය චෝදනා ඇතුළු නිතීවිරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම පොලිසියට කුදලාගෙන යන පුද්ගලයෙකු වන ගාමිණි නැමැත්තා මේවන විට පොලිසියේ ලියාපදිංචි අපරාධ කරුවෙකු හෙවත් ෂඍක‍ අපරාධකරුවෙක් බවටද පත්ව සිටී.

ඊයේ පස්වරුවේ නිවසට පැමිණි ගාමිණිගේ වැඩිමහල් සොහොයුරා විසින් නිවසේ රදවාගෙන සිටි පමාරා දැරිය දැක, ඊට දැඩි ලෙස විරෝධය පළ කර ඇති බව වාර්තා වෙයි. පසුව ඒ පිළිබදව දෙසොහොයුරන් විසින් ඇති කර ගත් බහින්බස්වීමක් දුරදිගයාමෙන් ගාමිණිගේ සොහොයුරා , පමාරා දැරිය තම නිවසේ සිටින
ප‍්‍රදේශවාසීන්ට දැනුම්දී ඇති බවද, ඒ අනුව ප‍්‍රදේශවාසීන් විසින් පමාරා දැරිය මුදවාගෙන තම භාරයට ගැනීම හේතුවෙන් දින හතරක් තිස්සේ අතුරුදන්ව සිටි දැරිය සොයාගැනීමට හැකියාව ලැබී තිබේ.

දැරිය සොයාගැනීම සහ සැකකරුගේ මව අත්අඩංගුවට ගැනීම මෙන්ම ගම්වැසියන් සැකකරු සොයා කැළෑවදින ආකරය දැක්වෙන ඡායාරූප පෙළක් පහතින් නරඹන්න.



Comments