අනුරාධපුර ටවුමේ වැඩ දමමින් බයිසිකලයක යන නොම්මර නැති රාලහාමි කව්ද ?
ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ලියාපදිංචි අංකයක් ලබාගත යුතු වුවත් ඡායාරූපයේ දැක්වෙන්නේ පොලිස් නිළධාරියෙකු යතුරු පැදියේ ලියාපදිංචි අංකයක් නොමැතිව ගමන් කරන අයුරුය. ලියාපදිංචි අංකයට අමතරව යතුරු පැදියේ පැතිකණ්නාඩිද බිඳිගොස් තිබේ. අනුරාධපුර නගරයේ ප්රධාන වීදියක වෙට්ටු දමමින් යන මෙම පොලිස් කොස්තාපල්වරයා අනුරාධපුර මූලස්ථාන පොලීසියට අනියුක්තව සේවය කරන්නෙකි.
මහජනතාවට පොදු නීතිය මොහුට ක්රියාත්මක නැද්ද යන්න ගැටළුවකි. අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නිළධාරීන් පෞද්ගලිකව භාවිතයට ගන්නා යතුරු පැදි කිහිපයකම අංක තහඩු සහ පැති කණ්ණාඩි නොමැති බව මතක් කර දෙන්නෙමු. මහජනතාවට නීතිය ක්රියාත්මක කිරීමට පෙර පොලිස් නිළධාරීන් ආදර්ශමත් විය යුතු නොවන්නේද?