නැවත සේවය ඉල්ලා අකුරැස්ස ප‍්‍රා. සභාවේ කම්කරුවෙක් ගසක් මත උපවාසයක.

මාතර - අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය කම්කරුවෙකු ලෙස සේවය කර පසුව වැඩතහනමට ලක්වූ පුද්ගලයෙකු මේ වනවිට අකුරැස්ස පොලිසිය ඉදිරිපිට ගසක් මත නැගී උපවාසයක නිරත වනවා. තමන්ට යළි රැකියාව ලබාදෙන ලෙස ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටිමිනුයි ඔහු මෙම උපවාසයේ නිරත වන්නේ. තම ඉල්ලීමට විසඳුම් නොලැබුණහොත් ගෙළ වැළලාගෙන සිය දිවි නසා ගන්නා බවට පවසමින් මෙම පුද්ගලයා ඔහුගේ ගෙලට කඹයක් ද දමාගෙන ඇති බව එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු කියා සිටියා..