උතුරු මැද අහසේ විශාල ගිනි බෝලයක්!
ඊයේ(12) රාත්‍රියේ කහටගස්දිගිලිය, හබරන, පොළොන්නරුව සහ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශවල ඉහල අහසේ විශාල ගිනි බෝලයක් දුටු බව ඒ ප්‍රදේශවල වැසියන් ප්‍රකාශ කළේ යැයි පළ වන වාර්තා සම්බන්ධයෙන් තොරතුරු ලැබී නැතැයි පොලිසිය පවසයි. එම විශාල එලියක් සමග කිසියම් පිපිරුම් ශබ්දයක් ඇසුණු බවට අදාල ප්‍රදේශවල ජනතාව ප්‍රකාශ කළ බවද ඇතැම් මාධ්‍ය වාර්තා කරයි. කෙසේවෙතත් එවැනි තොරතුරක් පොලිස් ස්ථාන වෙත වාර්තා වී නොමැති බව පොලිස්මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
කෙසේ වෙතත් මීට පෙර අවස්තා කිහිපයකදී පොළොන්නරුව ප්‍රදේශයට උල්කාපාත හා ආකාශ වස්තු කඩා වැටුණු අතර 2012වසරේ දෙසැම්බර් 09 වැනිදා ආකාශ වස්තුවක් කඩා වැටුණේ පොළොන්නරුව අරලගන්විල ප්‍රදේශයටය. ඒ පිළිබඳ ලන්ඩනයේ තාරකා විද්‍යාඥයෙකු වන මහාචාර්ය චන්ද්රාවික්රමසිංහ මහතා සිදුකළ පරික්ෂණයකින් හෙලිවුණේ එය උල්කාෂ්මයක කොටසක් බවය
Comments