මහ රෑ ඉන්ටර්නෙට් බලමින් සිටියදී රිච්මන්ඩ් සිසුවා අතුරුදන්
19 හැවිරිදි පාසල් සිසුවෙකු මහ රෑ නිවසේ ඉන්ටර්නෙට් බලමින් සිටියදී අභිරහස් අන්දමින් අතුරුදන්වීමේ පුවතක් ගාල්ලෙන් වාර්තාවනවා.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළට පෙනී සිටි දීප්තිමත් සිසුවෙකු වන අසේල මාලක පෙරේරා මේ ආකාරයට අතුරුදහන්වී ඇත.
ඉකුත් 12 වැනි දින රාත්‍රියේ එකට පමණ ඔහු නිවසේ අන්තර්ජාලය පරිහරණය කරමින් සිටියදී උදරාබාධයක් නිසා
කොපි කෝප්පයක් හදා දෙන්නැයි නිවැසියන්ට කියා ටිකකින් නිවසින් අතුරුදන්ව ඇති අතර ඔහුගේ කෝපි කෝප්පය රැගෙන මව පැමිණෙන විට අන්තර්ජාලය බලමින් සිටි පුතා නිවසේ නැති බව පෙනි ගොස් ඇත. ඔහු මේ වනතුරු සිටිනා තැනක් ඔහුගේ දෙමාපියන්ට සොයාගන්නට බැරිව ගොස් ඇත.
මෙම අභිරහස් අතුරුදන්වීම පසුපස කිසියම් රහසක් තිඛෙන්නට හැකි බව අසේලගේ දෙමාපියන් කියනවා. ඔවුන් පවසන්නේ ෆේස් බුක් ඔස්සේ තම පුතාගේ ආත්ම ගෞරවයට හානි කරන යමක් කිසිවෙකු විසින් පළකරන්නට උත්සාහ ගනිමින් සිටි බවත් එම තර්ජනයක් නිසා අසෙල් නිවසේ සිටි අවසන් දිනයේත් මානසික පීඩාවකින් කල්ගෙවූ බවත්ය.
පසුගිය 12 දා රාත්‍රි කාලයේ සිදුවූ මෙම සිද්ධිය ගාල්ල කලේගාන ප්‍රදේශවාසීන්ගේ කම්පනයටද හේතුවක්ව ඇත.
අසේලගේ පියා විදුහල්පතිවරයෙකු වන අතර මව ගුරුවරියකි.
අසේල පසුගිය උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවන අයෙකි. ඔහු ඔලිම්පියාඩ් තරගාවලියටද පාසල නියෝජනය කරමින් සහභාගීවූ දීප්තිමත් සිසුවෙකි. අතුරුදන්වීමට පෙර දිනයේ ඔහු එම තරගයක් සඳහා කොළඹටද පැමිණ නැවත ගාල්ලේ නිවසට ගොස් ඇත.
සිය පුතුගේ හදිසි අතුරුදන් වීමේ සිදුවීම අසේලගේ පියා විස්තර කරන්නේ මෙසේය.
zපුතා අධ්‍යාපනයට දක්ෂ දරුවෙක්. පුතා පසුගිය 11 වැනිදා මහවැලි කේන්ද්‍රයේදී ඔලිම්පියාඩ් තරගාවලියේ රන් පදක්කමක් ලබා ගත්තා. එයා විභාගයෙන් පස්සේ ෆේස් බුක් ගිණුමක් පරිහරණය කළා. එයාට ඒ ඔස්සේ තර්ජන තියෙන බවත් ඔහු සඳහන් කළා. ඔහුට ලඡ්ජා හිතෙන දෙයක් ඒ මගින් සිදු කරන බවක් මට වරක් කීවා. පුතා අතුරුදන් වූ දිනයේ රෑ 12.00 පමණ වන තුරු පරිගණකයේ සිටියා. පසුව නින්දට ගියා. රාත්‍රි එකට පමණ නැගිටලා කීවා බඩේ අමාරුවක් තියෙනවා කෝපි එකක් හදන්න කියලා.
අම්මා කෝපි එක හදන්න ඇවිත් බලද්දී පුතා හිටියේ නෑ. මා නිවස තුළ බලල ගේ හැම තැනම බැලූවා. මම ගේ වටේ බලලා පාරට දිව්වා. කලේගාන හන්දියේ පොලිස් ජීප් රථයක් නතර කරලා තිබුණා. මම එම නිලධාරීන්ගෙන් දරුවා ගැන ඇහුවා. නමුත් ඔවුන් කිසිවකු මේ දරුවා දැක තිබුණේ නෑ.
අපි දරුවා හැම තැනම සෙව්වා. සොයා ගන්න බැරි වුණා. පෝද්දල පොලිසියටත් ගාල්ල පොලිසියටත් අපි පැමි‚ලි කළා.
පුතාට ප්‍රේම සම්බන්ධයක් තිබුණා දැයි අපි දන්නේ නෑ. නමුත් ඔහුට ෆේස් බුක් එක ඔස්සේ තර්ජනය කරන පිරිසක් ඉන්නවා කියලා කිව්වා.
මේ නිසා ඔහුගේ ෆේස් බුක් ගිණුම පවා වෙනස් කර තිඛෙනවා. ඉල්ලන්නේ අපේ දරුවා සොයල දෙන්න කියලා.
ගාල්ල - එස්. කේ. කළුආරච්චි ලලිත් චාමින්ද