Skip to main content
දූවරු සිටින මව් වරු මීට වඩා සැලකිලිමත් විය යුතුයි
සිය මව සමග අනියම් ඇසුරක් පවත්වන අතරතුර වයස අවුරුදු 9ක පාසල් යන දැරියකට ලිංගික අපචාර කළ බව කියන පුද්ගලයකු කඳාන පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
කඳාන පොලිස් බල ප්රදේශයේ උතුරු බටගම ඇවරිවත්ත මාර්ගයේ නිවසක කාන්තාවක් සමග අනියම් ඇසුරක් පවත්වා ඇති මෙම සැකකරු නව හැවිරිදි දැරියට ලිංගික අපචාර කර ඇති බවට ඇගේ සීයා විසින් කඳාන පොලිස් ස්ථානයේ දමන ලද පැමිණිල්ලක් අනුව සැකකරුව කඳාන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණි.
එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා මීට වසර 9කට ඉහතදී කාන්තාවගෙන් වෙන්වී ඇති අතර පසුව වසර කීපයක සිට සැකකාර පුද්ගලයා එම කත සමග අනියම් ඇසුරක් පවත්වා ඇත. රාත්රී කාලයේ නිවසට එන මෙම පුද්ගලයා දැරියට මෙලෙස ලිංගික අතවර සිදුකර ඇතැයි එම දැරියගේ සීයා කරන ලද පැමිණිල්ලේ සටහන් කර ඇත.
දැරිය සිද්ධිය පිළිබඳව තම නැන්දා කෙනෙකුට හෙළිදරව් කිරීමෙන් පසු මෙලෙස පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ඇගේ සීයා ගොනු කර ඇත.
ප්රසංග පෙරේරා