මුදල් හිඟ වී එජාපය ඉඩමක් විකුණයි

දේශපාලන කි‍්‍රයාකාරකම්වලට මුදල් සපයා ගැනීම සඳහා තම පක්ෂයට අයත් ඉඩමක්ද ඉකුත් දා විකුණා දැමූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. ඔහු කියා සිටියේ ආණ්ඩුවට මෙන් හිතුමතේ වියදම් කිරීමට තම පක්ෂයට මුදල් නොමැති බවයි. 


මේ ළඟදි පක්ෂයට අයිති වටිනා ඉඩමක් ගාල්ලේ දී විකිණුවා අපිට මුදල් නැති නිසා. ලැජ්ජා වෙන්න අවශ්‍ය නැහැ ඒක කියන්න. අපිට සල්ලි නැහැ පක්ෂයේ ආර්ථික තත්වය සියලු දෙනාම දන්නවා.


ඇත්ත වශයෙන්ම ඩයස්පෝරාවේ සල්ලි තියෙන්නේ අපි ගාව නෙවෙයි. ඩයස්පෝරාවේ සල්ලි තියෙන්නේ කේ.පි ලග. ඔහු තමයි දෙමල ඩයස්පෝරාවේ ඉතුරු වෙලා සිටින එකම නායකයා. 


මේ අතර විපක්ෂ කණ්ඩායම්වලට මේ දිනවල විවිධ පාර්ශ්වයන්ගෙන් මුදල් ගලාගෙන එන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඔහු කියා සිටියේ එලෙස මුදල් ගලා ඒම නිසා මහජන නියෝජිතයින් මිලට ගැනීමට ද ඔවුන් කි‍්‍රයාකරමින් සිටින බවයි. 


Comments