ඕස්ට්‍රේලියාවේ වළං හෝදන මහරගම ගප්පියා
youtube, facebook සමාජ ජාල වෙබ් අඩවි තුළ බොහෝ ජනප්‍රිය චරිතයක් බවට පත් ව සිටින ''ගප්පියා'' නමින් ලොවක් හඳුනන ඔහු තරිඳු විජේසේකරයි. කොහොම උනත් තරිඳු විජේසේකර කිව්වට නම් ඔහුව කවුරුත් දන්නේ නෑ.
මේ ''ගප්පියා'' හෙවත් තරිඳු විජේසේකර Colombo Week සමග කළ කතාබහයි.
1) මොනවද විස්තර?
හොඳයි. මේ දවස්වල ඉතිං ලංකාවේ එහෙ මෙහෙ ඇවිදිනවා. ලංකාවේ විස්තර හොයලා බලනවා.
2) ඇයි ලංකාවට ආවේ
විශේෂ හේතුවක් නෑ, නිකං ආවේ.
3) මීට කලින් ලංකාවට ආවේ කවදා ද?
ගියත් හරි එන්න බැරි උනා, මේ පාර තමයි ආවේ.
4) ලංකාවෙන් ගියේ කොයි කාලෙ ද?
2005
6) පාසල කෙහෙ ද?
කොළඹ නාලන්දා විද්‍යාලය
7) දැන් වයස කීය ද?
30 යි.
8) පදිංචිය කොහෙ ද?
මහරගම.
9) ගෙදර තව කවු ද ඉන්නේ?
අම්මයි, තාත්තයි නංගී, අයියා බැඳලා වෙනම ඉන්නෙ.
10) ඕස්ට්‍රේලියාවේ රැකියාව මොකද්ද?
වළං හෝදන එක.
11) ඕස්ට්‍රේලියාවේ ඔයත් එක්ක තව කවු ද ඉන්නේ?
යහළුවො ඉන්නවා. එයාලත් එක්ක ගෙයක් rent එකට අරං ඉන්නෙ.
12) ඔබේ වීඩියෝ අතරින් ඔබ වඩාත් කැමති වීඩියෝව මොකද්ද?
මගේ අලුත් වීඩියෝ එක "ඉස්පයිඩර් මැන් 2"
13) පිටරට දී වීඩියෝ කරන්න කවු ද උදව් කළේ?
ගොඩක් වෙලාවට තනියම තමයි කරන්නේ. මගේ Girl Friend (Lilly) උදව් කරනවා.
15) කොහොම ද ඒ වගේ අදහස් හිතට එන්නේ?
නිකං ඉන්කොට දකින ඒවා, හිතෙන ඒවා, කට්ටිය කතා කරනකොට කියන එවාගෙන් තමයි ඒ දේවල් හිතට එන්නෙ.
16) ගප්පියා කියන නම හැදුනෙ කොහොම ද?
ඒක ඉස්කෝලෙ යන කාලේ හැදුන එකක්.
17) මේ වීඩියෝ කළේ මොන අරමුණින් ද?
එහෙම අරමුණක් නෑ. ආසාව සංසිඳුවා ගැනීමක්.
19) නැවත යනව ඕස්ට්‍රේලියාවට ද?
ඔව් තව මාසයක් විතර ඉඳලා යනවා.
ගප්පියාගේ අලුත් ම වීඩියෝව පහළින් නරඹන්න.