ප්‍රතිකාර ලබා ගැනීමට ආ තරුණිය මුලාකර අතවර කරලා

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නිට්‌ටඹුව නගරයට පැමිණි විසි එක්‌ හැවිරිදි තරුණියක්‌ මුලාකොට පැහැර ගෙන ගොස්‌ විගඩ ප්‍රදේශයේ නිවසකදී සමූහ අපයෝජනයට ලක්‌කිරීමේ චෝදනාව මත අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් තිදෙනකු 26 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අත්තනගල්ල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කාවින්ද්‍යා නානායක්‌කාර මෙනවිය පසුගියදා නියෝග කළාය.

පල්ලෙවෙල, ගල්කිරියාගම සහ පූගොඩ පදිංචි සැකකරුවන් තිදෙනකු මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර අතවරයට ලක්‌කළ සැකකරුවන් නිට්‌ටඹුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන වේයන්ගොඩ පොලිසිය වෙත භාරදී තිබුණි.

වැඩිදුරටත් පරීක්‍ෂණ පැවැත්වූ වේයන්ගොඩ පොලිසිය අදාළ ත්‍රීවිල් රථයද අත්අඩංගුවට ගෙන සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

වේයන්ගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සුජීව නිවුන්හැල්ල, අපරාධ අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක කුලතුංග, උපපොලිස්‌ පරීක්‍ෂක සුනිල්, පොලිස්‌ සැරයන් (19089) පත්මසිරි යන නිලධාරීන් මේ සම්බන්ධව වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

වේයන්ගොඩ - සිරිමෙවන් පතිරණ