රිසි සේ පිට රටට කතා කරන්න



ඕනෑම දුරකතන ජාලයකින් රටවල් 50 කට අඩුම ගාස්‌තු සහිත ව ඇමතිය හැකි විශේෂ IDD දීමනාවක්‌ ලබාදීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ක්‍රියා කරයි.
"බජට්‌ IDD" පෙරගෙවුම් කාඩ්පත මගින් විදෙස්‌ගත ව සිටින ඔබේ සමීපතමයින් සමග වඩාත් පහසු මිලකට නිදහසේ කතා බහ කිරීමට අවස්‌ථාව සැලසේ. රටට විදේශ විනිමය උපයන ශ්‍රී ලංකිකයන් දුරු රට සිට සිදුකරන මෙහෙයට දිරිදෙමින් ඔවුන්ගේ හිතෛෂීන්ට ඔවුන් සමග නිරතුරුවම සබඳතා පැවැත්වීමට මෙමගින් පහසුවනු ඇත. 
රුපියල් 100/-, 200/-, සහ රුපියල් 500/- බැගින් මෙම "බජට්‌ IDD" කාඩ් පත් ලබාගත හැකි අතර, කාඩ්පතේ සූරන කොටසේ ඇති රහස්‍ය අංකය යොදාගනිමින් ඕනෑම ජාලයක, ඕනෑම දුරකථනයකින් ජාත්‍යන්තර ඇමතුම් ලබාගත හැකි ය.
ශ්‍රී ලංකාවේ ජාතික සන්නිවේදන සැපයුම්කරු වශයෙන් අපේ පාරිභෝගිකයින් වෙත ගුණාත්මක බවින් ඉහළ විශිෂ්ට සේවාවක්‌ ලබාදීම අපේ යුතුකම බවත් ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක්‌ මෙරටට විදේශ විනිමය උපයා දෙමින් විදෙස්‌ගතව සේවය කරන බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී රොෂාන් කළුආරච්චි මහතා ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකා ටෙලිකොම් පාරිභෝගිකයින්ට මෙන් ම සෙසු දුරකතන ජාල භාවිතා කරන පාරිභෝගිකයන්ටත් කිසිදු වෙනසකින් තොරව මෙම "බජට්‌ IDD" පෙරගෙවුම් කාඩ් පත් ලබාගෙන පහසු මිලකට පැහැදිලිව කතා කිරීමට අවස්‌ථාව උදාකරගහ හැකි ය.