චීනා හඳ මතට ?

සඳ වෙත ගොස් යළි පෘථිවියට පැමිණීමේ හැකියාව සොයා බැලීමේ අපේක්ෂාවෙන් චීනය පරීක්ෂණ මට්ටමේ අභ්‍යාවකාශ යානයක් අද සිකුරාදා සහ ඉරිදා අතර කාලයේ දී අභ්‍යාවකාශගත කිරීමට නියමිතය. එය සඳවෙත ගොස් ඒ වටා කක්ෂගත වී පසුව යළි පැමිණීමට නියමිතය.
මිනිසුන් නොමැතිව යවන මේ යානය ලෝන් මාර්ච්-3 සී රොකට්ටුව යොදා බටහිර චීනයේ ෂිචුඅන් හි ක්ෂිචැංග් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කිරිමට සූදානම් කැර ඇත. මෙය චීනය යන ප්‍රථම චන්ද්‍ර මොඩියුලයයි.
මිනිසකු සඳට යැවිමේ දී ඇතිවිය හැකි තාක්ෂණික අභියෝග සහ යළි පෘථිවියට පැමිණීමේ දී මුහුණ දීමට සිදුවන දුෂ්කරතා ප්‍රායෝගිකව සොයා බැලීම මේ ගමනේ අපේක්ෂාව වී ඇත. මේ ව්‍යාපෘතියේ ප්‍රධාන සැළසුම් ශිල්පී කාරුහූ හාඕං පවසන්නේ අභ්‍යාවකාශ යානය යළි පෘථිවියට පැමිණීමේ දී වඩාත් වේගවත් වුවහොත් වායුගෝලීය ඝර්ෂණයට හසුවීමෙන් වැඩි තාපයක් හටගන්නා බැවින් එහි වේගය පාලනය කිරීමෙන් තාපය අඩුකැර ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බවයි.
චන්ද්‍රයා වටා කක්ෂගත කර සතියක කාලක් තිබී පසුව පෘථිවියට පැමිණීමේ දී මොංගෝලියාවේ තණ බිමකට ගොඩබැස්සවීමට කටයුතු කරන බව චීන අභ්‍යවකාශ ආයතනය පවසයි.
චීනයේ අපේක්ෂාව වී ඇත්තේ හැකි ඉක්මණින් සඳ වෙත මිනිසකු යැවීමයි.