සටන් නළු සේනක විජේසිංහගේ විදෙස් ගමන් තහනම් වේ

සටන් නළුවකු ලෙස ප්‍රසිද්ධියට පත් සේනක විජේසිංහ මහතාගේ විදෙස් ගමන් තහනම් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ඊයේ දින (13) නියෝග කළාය.එම නියෝගයේ පිටපත් කටුනායක ආගමන විගමන ආගමන විගමන පාලකවරයාටද, ආගමන විගමන දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂවරයාට හා අභ්‍යන්තර බුද්ධි අංශ ප්‍රධානියා වෙත ද යොමුකරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ටෙලි නාට්‍ය නිෂ්පාදකයකු වන බොරලැස්ගමුවේ පදිංචි ලසිත යසකුල ගුණසේන නම් තැනැත්තෙකු විසින් මුල්‍ය වංචාවක් සම්බන්ධව සේනක විජේසිංහ මහතාට එරෙහිව නඩුවක් පවරා ඇති අතර පසුගියදා ඔහු විසින් මෝසමක් ඉදිරිපත් කරමින් ලසිත ගුණසේන මහතා අධිකරණයට දන්වා තිබුනේ සේනක විජේසිංහ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ හා දිසා අධිකරණයේ පවතින නඩු මඟහරිමින් විදෙස්ගත වීමේ උත්සාහයක නිරත වී සිටින බවයි. එම මෝසම මෝසමක් සලකා බලමින් මේ නියෝගය මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත්කර ඇත.



Comments