හොර ෆේස්බුක් අන්තර්ජාලය හොල්ලයි




අන්තර්ජාල සිදුවීම් සම්බන්ධ පැමිණිලි දෙසීයක් ඔක්තෝබර මාසයේදී ලැබී තිබෙන බව  ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
ජනවාරි සිට ඔක්තෝබර දක්වා  ලැබී තිබෙන පැමිණිලි සංඛ්‍යාව දෙදහසකි.
පැමිණිලි අතුරින් සියයට අනුවක්ම ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධවය.
තම ෆේස්බුක් ගිණුම අනාරක්ෂිතව පවත්වාගෙන යාම හේතුවෙන් පිටස්තරයන් අතට ඡායාරූප ඇතුළු පෞද්ගලික තොරතුරු  පත්වීම ව්‍යාජ ෆේස්බුක්  ගිණුම් සැකසීමට පාදක වී ඇති බවත් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පෙන්වා දෙයි