ඇඟිල්ලෙන් ඇන තරුණියන් කෙළෙසන "අඟනකැටියේ කොටියා" කොටු
ගමන් බිමන් යන තරුණියන් සහ කාන්තාවන් අතවරයට ලක් කර  රං අභරණ පැහැර ගැනීමට නම් දැරු කළුවාදේව සරත් කුමාර හෙවත් ”අඟනකැටියේ කොටියා” නැමැත්තා හතරවන   වතාවටත් ඇල්පිටිය පොලිසියේ අත්අඩංගුවට පත්ව සිටිනවා.

ඉකුත් (22) වන දින උදේ ඇල්පිටිය නගරයේ දුරකථන අලෙවි සැලක සේවයට යමින් සිටි 19 හැවිරිදි තරුණියක් ත‍්‍රී රෝද රථයකින් පැමිණි සැකකරු විසින් නගරයට යැමට හැකි බව කියා රවටා ගෙන ගොස්  පහර දී  බරපතල අතවරයකට ලක්කර පළා ගොස් සැඟව සිටියා.

ඇල්පිටිය පොලිස් වසමේ මංඩකන්ද ප‍්‍රදේශයේ පදිංචි එම තරුණිය රැකියාවට යාමට බස් රථයක් බලාපොරොත්තු වී සිටියදි කොළ පැහැති ත‍්‍රී රෝද රථයකින් පැමිණ ඇති "අගනකැටියේ කොටියා" නැමැති මෙම නමගිය අපරාධ කරු තරුණියට ත‍්‍රී රෝද රථයෙන් ඇල්පිටියට යා හැකි බව පවසා ඇය ඊට නංවා ගෙන තිබෙනවා.

මද දුරක්  ගමන් කිරීමෙන් පසු ඉදිරියේ පොලිසිය සිටින බවට තරුණියට පවසා ප‍්‍රධාන මාර්ගය මග හැර අතුරු මාර්ගයකින් ගොස් අලිකෑහේන කටුපොල්වත්ත නැමැති පාළු ප‍්‍රදේශයකදි තරුණියගේ කට අතකින් වසා අනිත් අතින් ඇයගේ රහස් ප‍්‍රදේශ වලට බරපතල ලෙස තුවාල සිදුකර ගෙල බැඳි රුපියල් 20,000 ක පමණ වටිනා රං මාලය කඩාගෙන පලාගොස් තිබුණේ තරුණියගේ කෑ ගැසීමට පිරිස රැස්වීමත් සමගය. වරින්වර මෙසේ අතවරයටපත් කාන්තාවන්ගේ ප්‍රකාශයන්ට අනුව මොහු විකෘත්ති කාමාශාවකින් පෙළෙන තැනැත්තෙකු බවට සැක කෙරෙනවා.


කොල්ල කරුවගේ අතවරයන්ට හා පහර දීම් වලට ලක්වූ තරුණිය ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇය මාරු කර යවා ඇත. 

ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අතුල වීරසිංහ මහතාගේ උපදෙස් මත ඇල්පිටිය පොලිසියේ  වැඩ බලන මූලාස්ථාන පොලිස්  පරීක්ෂක  කේ.එම්.විජේසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ පො.ප. බණ්ඩාර,පො.ප. තරංග,පො.කො. 87572 ගයාන් පො.කො. 88304 ප‍්‍රියන්ත,පො.කො. 88975 අමරසිංහ යන නිලධාරීහූ මේ සමිබන්ධව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


පොලිස් රැකවරණ මැද  සැකකරු ඇල්පිටිය මහේත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන යන අයුරු ඡායා රූපයේ දැක්වේ.

Comments