නොමනා වැඩක් කළැයි නාමල්ව සිරිමාවෝ විදුහල්පතිනිය පන්නා ගනී                           
කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයට රග්බි ක්‍රීඩාව හඳුන්වා දීමට යැයි කියමින් අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා තවත් පිරිසක් අවසරයකින් තොරව පාසලට කඩා වැදී ඇත.


රග්බි පුහුණු කරන්න ක්‍රීඩාංගනයට එන්නැයි එම පාසලේ බාලිකාවන්ට නාමල් රාජපක්ෂ විසින් ආරාධනා කර ඇතත් කිසිවකු පැමිණ නැත. පසුව එම මොහොතේදී පාසැල් ක්‍රීඩාංගනයේ සිටි බාලිකාවන් කිහිප දෙනෙකු වටකරගත් නාමල් ඇතුළු පිරිස ඔවුන්ට බලහත්කාරයෙන්ම රග්බි සෙල්ලම කරන හැටි කියා දෙන්නට පටන් ගෙන තිබේ.

ඊට එම බාලිකාවන්ගේ විරෝධයද එල්ල වී ඇති අතර පාසලේ විදුහල්පතිනිය ඒ මොහොතේ ක්‍රීඩාංගණයට පැමිණ නාමල්ගේ බලහත්කාරකමට විරෝධය දක්වා වහාම පසලෙන් පිටව යන්නැයි පවසා තිබේ. රග්බි හඳුන්වා දිමට අවශ්‍යම නම් ඒ සඳහා පාසල් ක්‍රීඩා සංගමයේ මැදිහත්වීම හරහා ඒ සිදු කරන ලෙස නාමල්ට නිතිරීති කියා දීමටද ඇයට සිදුව තිබේ.

මේ අතර බාලිකා සිසුවියන්ද නාමල් ඇතුළු පිරිසට පිටව යන ලෙසට කැකෝ ගසා ඇත. අනතුරුව ඔවුන් පිටව ගොස් තිබේ

මිට පෙර කොළඹ විශාකා විදයාලයටද මෙම පිරිස ගොස 'කාල්ටන් සුපර් ප්‍රවර්ධන වැඩසටහන' වෙනුවෙන්රග්බි හදුන්වා දී එම පාසලේ බාලිකාවන් සමග සාජ්ජයක්ද දමා නර්තනයෙහි යේදිමද සිදු කර තිබේ.

Comments