පාසල් සිසුවියන් දෙදෙනා පෙම්වතුන් සමග ලෑලි ගෙයක රැයක්‌ ගත කරලා

දෙමාපියන්ගේ පැමිණිල්ලෙන් සිවුදෙනාම මාට්‌ටු

පාසල නිම වීමෙන් පසු තම නිවෙස්‌ කරා නොගොස්‌, පෙම්වතුන් දෙදෙනකු සමග හොර රහසේ පැනගිය පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකු පිළිබඳව, මෝදර පොලිසියට කරන ලද පැමිණිල්ලක්‌ අනුව එම ශිෂ්‍යාවන් සහ තරුණයන් දෙදෙනා පොලිසියට කැඳවා ඔවුන්ගේ දෙමව්පියන් ඉදිරිපිටදී තරයේ අවවාද කොට දෙමව්පියන්ට භාර දී ඇත.

මෙම පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා මෝදර ප්‍රදේශයේ විදුහලක සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන .වයස අවුරුදු දහසය. වැනි වියේ පසු වු සිසුවියන්
දෙදෙනකි.

ඔවුන් මට්‌ටක්‌කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. ප්‍රේම සම්බන්ධය, පවත්වාගෙන යමින් සිටින සිසුවියන් දෙදෙනා පසුගියදා පාසල නිම වීමෙන් පසු අනතුරුව මෝදර රජමල්වත්ත ප්‍රදේශයේදී පාසල් නිල ඇඳුම් මාරු කර එම තරුණයන් දෙදෙනා සමග කැලණිය ප්‍රදේශයේ ලෑලි ගෙයක එදින රාත්‍රී ගත කොට තිඛෙන බව පොලිසිය කියයි.

දෙමව්පියන්ගේ පැමිණිල්ලක්‌ අනුව පොලිසිය එම ශිෂ්‍යාවන් දෙදෙනා පොලිසියට රැගෙන විත් තරයේ අවවාද කොට දෙමව්පියන්ට භාර දී ඇත. මෝදර පොලිස්‌ ස්‌ථානයේ ස්‌ථානාධිපති නිලුපුල් චන්දන සෝමසිංහ මහතාගේ උපදෙස්‌ අනුව විවිධ පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති ප්‍රදීප් වික්‍රමරත්න කාන්තා කාර්යාංශයේ සාමා දිසානායක සහ පොලිස්‌ කො. (86471) කැළුම් මහතා පරීක්‍ෂණ කටයුතු කරයි. 

මෝදර - ජෝශප් රන්මුතුගල