දූලා දෙන්නවයි පුතාවයි දූෂණය කරලා ඊට පස්සේ මුළු පවුලම කාමාතුරයන්ට විකුණලා...

ලක්ෂ 50ක් වන්දි ඉල්ලලා බිරිය උසාවි යයි


විකෘති කාමයෙන් පෙළෙන තම සැමියා ඔහුගේ දරුවන් සහ තමාගේ කලින් විවාහයේ දරුවන් ලිංගික අපයෝජනයට ලක් කරමින් ඔහුගේ කාමාතුර මිතුරන් පිනවීමට තමාව යොදන බවට මූලික අයිතිවාසිකම් පෙත්සමකින් කාන්තාවක් පෙරේදා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමි‚ලි කළාය.


ඒ සෑම අවස්ථාවකදීම තමා පොලිසියට කළ පැමි‚ලි අනුව පොලිසිය සිය රාජකාරි කටයුතු කිරීමෙන් වැළකී සිටීමේ හේතුවෙන් තම මූලික අයිතින් උල්ලංඝනය වූ හෙයින් ඊට වන්දියක් වශයෙන් රුපියල් මිලියන පහක් ඉල්ලා මෙම පෙත්සම ගොනු කර ඇත.


සැමියාගේ විකෘති කාම ගිජුකමට ගොදුරු වූ බාල වයසේ පසුවන දරුවන් දෙදෙනාගේ නමට එම වන්දි මුදල් බැංකුවේ ගිණුම්වල තැන්පත් කරන ලෙසද පැමි‚ලිකාරිය ඉල්ලා සිටින්නීය. කාන්තා සහ ළමා කාර්යාංශයේ පොලිස් ස්ථානාධිපති සහ ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ පොලිස් පරීක්‍ෂකවරයා දරුවන් ලිංගික අපයෝජනයට ලක් කළ තම සැමියාට වාසි වන වාර්තාවක් අධිකරණයට සහ නීතිපතිවරයාට ඉදිරිපත් කොට දරුවන් ඔහුටම ලබාදීමට මඟ සැලසූ එම නිලධාරීන් දෙදෙනා පිළිබඳ පරීක්‍ෂණයක් කිරීමට පොලිස්පතිවරයාට නියම කරන ලෙසද මේ කාන්තාව අධිකරණයෙන් ඉල්ලා සිටින්නීය. නීතිඥ ශ්‍යාමා උදයංගනී ගමආරච්චි මහත්මිය මඟින් ගොනු කළ පෙත්සමෙන් පහත සඳහන් නිලධාරීන් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.


කාන්තා සහ ළමා කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, කාන්තා සහ ළමා කාර්යාංශයේ ස්ථානාධිපති සැම්සන් ප්‍රනාන්දු, ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපතිනිය අනෝමා දිසානායක, ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ විශේෂ පරීක්‍ෂණ ඒකකයේ පොලිස් පරීක්‍ෂක බෝපිටිගොඩ, මාරවිල පොලිස් ස්ථානාධිපති, පෙත්සම්කාරියගේ සැමියා වන සර්මිල් නයන් සතරසිංහ සහ නීතිපතිවරයා එසේ නම්කර ඇති වගඋත්තරකරුවන්ය.


වයස 17දී මෙම කාන්තාව මවුපියන් අකැමැති පුද්ගලයකු සමඟ ගොස් අඹුසැමියන් ලෙස පදිංචිව සිටියදී ඔහුගේ රැකියාව වූයේ ණයට ගන්නා ලද මෝටර් රථ සඳහා මුදල් ගෙවීම පැහැරහැර ඇති පුද්ගලයන්ගේ මෝටර් රථ සොයා මූල්‍ය සමාගමට භාරදීමයි.


ඇයට ඔහුට දාව දිය‚යන් දෙදෙනෙක් සිටියදී ඔහු අතුරුදන් විය. වත්මන් සැමියා ඇයට හමුවූයේ ඇඟලූ‍ම් කර්මාන්ත ශාලාවක රැකියාවේ නිරතව සිටියදීය. ඔහු ඇය සමඟ විවාහ වීමට පොරොන්දු වූ හෙයින් මාරවිල නිවෙසක දෙදෙනා පදිංචි වූහ. ඔහු විකෘති කාමයෙන් පෙළෙන පුද්ගලයෙකි. ඇයට ඔහුගේ විකෘත කාම පුරුදු ඉවසා සිටීමට නොහැකිව ඇති වූ සිත් තැවුලෙන් නිවෙස අත්හැර යද්දී ඔහු ඇයව යළිත් නිවෙසට ගෙනත් බොහෝ තහංචි පැනවීය.


ඔහුගේ ආශාවන් සන්තර්පණය කරගැනීමට එන්නත් කිරීම් සහ මත්පැන් පානයට යොමු කරවීය. අසභ්‍ය චිත්‍රපට නරඹමින් ඔහුගේ විකෘති කාම පුරුදු ඉවසා සිටීමට ඇය හුරුපුරුදු වි‚. ටික කලකදී ඔහුගේ කාමාතුර සගයන් පිනවීමට ඇයව බලහත්කාරයෙන් යොමු කළේය. මින් සමහරෙක් නාත්තණ්ඩිය ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලකයන්ය.


දරුවන්වද ඔහුගේ පහත් ආශාවන් සඳහා යොමු කරගැනීම නිසා දරුවන් වයස හතර සහ පහ වන විට කාම චිත්‍රපට බැලීමට පුරුදු විය. මේ පිළිබඳ ඇය මාරවිල පොලිසියට 10 - 12 වතාවක් පැමි‚ලි කළද ඉන් පලක් නොවීය. හලාවත පොලිසියට කළ පැමි‚ලි සම්බන්ධයෙන්ද කිසිදු පියවරක් නොගත් බව ඇය පෙත්සමේ සඳහන් කර ඇත. වරක් ඇය කොටුවේ පොලිසියට ගොස් පැමි‚ලි කළද එයින්ද ඇයට සහනයක් නොලැබි‚.


2010 වර්ෂයේ ඇගේ සැමියා වයස හතරේ සහ දෙකේ දරුවන් දෙදෙනා ගෙන ගොස් ඔහුගේ මවට බාරදෙන ලදී.


මේ පිළිබඳ ළමා සහ කාන්තා කාර්යාංශයට පැමි‚ලි කිරීමට ගිය අවස්ථාවේ එහි සිටි කරුණාවන්ත පොලිස් නිලධාරියෙක් ළමුන් දෙදෙනා ළමා උසාවියට ඉදිරිපත් කර ඇයට භාර දෙන ලදී. මේ අනුව දරුවන් මනෝ වෛද්‍යවරුන් ලවා පරීක්‍ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කර ඇත. වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ දරුවන් අපයෝජනයට ලක්ව ඇති බවයි. වයස අවුරුදු 14ක ඇගේ කලින් විවාහයේ දිය‚යත් අපයෝජනයට ලක්ව ඇතැයි වෛද්‍යවරු නිගමනය කළ බව වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ. ඇගේ කලින් විවාහයේ වයස අවුරුදු 6 1/2 පිරිමි දරුවාද මෙම පුද්ගලයා අපයෝජනය කර තිඛෙන බව වෛද්‍යවරු නිගමනය කළ බව පෙත්සමේ සඳහන්ය.


මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ සලිම් මර්සුෆ්, කේ. ශ්‍රී පවන් සහ සහ ඊවා වනසුන්දර යන විනිසුරු ම~ුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ කාන්තා සහ ළමා කාර්යාංශයේ අධ්‍යක්‍ෂවරයාට සහ ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපතිනියට නොවැම්බර් 4 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටීමට දැනුම් දුන්නේය. රජයේ අධිනීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මෙනෙවිය සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඉන්දිකා දෙව්මි‚ සිල්වා මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටිමින් පැවැසුවේ වගඋත්තරකරුවන්ට පෙනී සිටීම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. ස්වර්ණපාලි වනිගසේකර, ශ්‍යාමා ගමආරච්චි යන නීතිඥවරියන් සමඟ නීතිඥ කේ. තිරාණගම මහතා පැමි‚ලිකාරිය වෙනුවෙන් පෙනී සිටියහ.

Comments