සිසුවියක අපයෝජනය කරමින් සිටියදී පාසල් වෑන් රියැදුරු දැලේ


මහනුවර ජනප‍්‍රිය පාසැලක අධ්‍යාපනය ලබන පාසැල් සිසුවියක් ලෝක ළමා දිනය දා අපයෝජනයට ලක්කරමින් සිටි පාසැල් වෑන් රථ රියැදුරෙකු මහනුවර පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිසුවිය අමතර පංතිවලට යන බව පවසා පාසැලට නොපැමිණ පාසැල් වෑන් රථ රියදුරා සමග වෑන් රථයේ සිටියදී මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

ඇය එම පාසැලේ උසස් පෙළ හදාරන සිසුවියක් බව පොලිසිය කියයි.

සැකකාර පාසැල් වෑන් රථ රියදුරා එක් දරු පියෙකි.

මහනුවර අම්පිටිය මාර්ගයේ පාසැල් වෑන් රථය නවතා දෙදෙනා පාසැල් වෑන් රථය තුළ සිටියදී ඒ බව දුටු අයෙක් සිද්ධීය පොලිසියට පවසා ඇත.

පොලිසිය පැමිණ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පරික්ෂණ සිදුකරයි.