යුරෝපයේ රොබෝවක් වල්ගා තරුවක් අල්ලයි.



අභ්‍යාවකාශයේ සැරිසරන වල්ගා තරුවක් මත රොබෝවක් ගොඩබැස්සවීමට යුරෝපීය අභ්‍යාවකාශ ආයතනය ඊයේ සමත්වුණා. ඒ, ඔවුන් ගුවනට යැවූ රොසෙටා යානයෙන් නික්මුණු ෆිලේ නැමති රොබෝව ඒ මත පතිත කිරීමෙන්. කෙසේ නමුත් රොසෙටා යානය එම වල්ගා තරුව ස්පර්ශ කර ඉන් නික්මී ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. රොසෙටා යානය 67 පී දරණ වල්ගා තරුව දෙවරක් ස්පර්ශ කළ බව යුරෝපීය අභ්‍යවකාශ ආයතනය සනාථ කළා. එය මානව ශිෂ්ඨාචාරයේ තවත් වැදගත් ඉදිරි පියවරක් ලෙසයි එමගින් හැඳින්වූයේ.