ලොරිය ගේ කඩයි - අවුරුදු 2ක දැරිය අනූනවයෙන් බේරෙයි

මොරවක සිට අකුරැස්ස බලා ධාවනය වූ ලොරියක් එහි රියදුරුට පාලනය කර ගත නොහැකිව කොස්නිල්ගොඩ නිවසක් මතට ඇදී ගොස් තිබේ. 

එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ අවුරුදු 2ක පමණ දැරියක හා ඇයගේ මිත්තනිය බව ‍අප වාර්තාකරු කියයි. 

අනතුරින් දැරියගේ මිත්තනිය හා ලොරියේ සහයක තුවාල ලබා කොස්නිල්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත. 

කුඩා දැරියට සුළු සිරීම් තුවාල සිදුව ඇති අතර ඉදිරියෙන් පැමිණි වාහනයකට ඉඩදීමේදී රථය පාලනය කර ගත නොහැකිව අනතුර සිදුවූ බව රියදුරු පවසා ඇතැයි අප වාර්තාකරු කියයි. 

එහිදී තමන් අසළ තේ වගාවකට ඇද වැටුණු බවද හෙතෙම පවසා ඇත. 

මෙම අනතුර හේතුවෙන් නිවසට දැඩි අලාභහානි සිදුව ඇති බවත්, දෛනික රැකියාවක් කරමින් තමන් පවුලේ 5 දෙනෙකු නඩත්තු කරන බවත්, නිවසට රුපියල් ලක්ෂ එකහමාරක පමණ අලාභයක් සිදුව ඇති බවත් නිවසේ හිමිකරු පවසා තිබේ. 

අනතුර ගැන මොරවක පොලීසිය පරීක්ෂණ කරයි. 




Comments