ජීමේල් පාස්වර්ඩ් මිලියන 5 ක් ලීක්වෙලා

ලෝකයේ විශාල පිරිසක් අන්තර්ජාලයේ පරිහරණය කරනු ලබන නොමිල ඊමේල් සේවාවක් වන ගූගල් සමාගමට අයත් ජීමේල්හි ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් එල්ලව ඇති බව පීසී වර්ල්ඩ් නමැති සුප්‍රකට තාක්ෂණ ස`ගරාවේ වෙබ් අඩවිය ඊයේ (10) පළකර ඇති වාර්තාවකින් කියා තිඛෙනවා.

ඔවුන් පවසන්නේ කිසියම් හැකර්වරයෙකු විසින් සොරකම් කරන ලද ජීමේල් ලිපින හා පාස්වර්ඩ් තොගයක් සුප්‍රකට ෆෝරම් වෙබ් අඩවියක නිර්නාමිකව පළ කර ඇති බවත් එලෙස පුද්ගලික දත්ත කාන්දුවීම අහිතකර තත්වයක් බවත්ය. ආසන්න වශයෙන් මිලියන 5 ක පමණ දත්ත 


 ගොනුවක් මේ ආකාරයට කාන්දුවී ඇති බව කියන මෙම ස`ගරාව ඒ ලිපින ඇතැම් ඒවා පැරණි භාවිතයේ නැති ඒවා වන නමුත් එය පිටවීම සොයාබැලීමට අවශ්‍ය කාරණාවක් බව පෙන්වා දෙනවා.
මෙම ලිපින ගැන පර්යේෂණයක නියැළුණ බීටීසීසෙක් නමැති අන්තර්ජාල ආරක්ෂණ සමාගම පවසා ඇත්තේ මෙම ලිපින වලින් සියයට 60 ක් පමණ තවමත් ලෝකයේ තැන්තැන්වල භාවිතයේ පවතින ජීමේල් ලිපින බවයි.
මේ සම්බන්ධයෙන් ගූගල් ප්‍රකාශකයෙකු ස`ගරාවට අදහස් දක්වා පවසා ඇත්තේ තම සමාගමේ ආරක්ෂණ වැඩසටහන් තුළින් කිසිවෙකුට ඇතුළුවිය නොහැකි බවත් මෙය වෙනත් වෙබ් අඩවි වල ලියාපදිංචි දත්ත ඔස්සේ සොරකම් කරන ලද ඒවා විය හැකි බවත්ය.
මේ සම්බන්ධයෙන් අන්තර්ජාල ආරක්ෂණ සමාගම් කිහිපයක්ම මේ වනවිට පරීක්ෂණ පවත්වන අතර සැකකරුවන් ඔප්පුවුවොත් අන්තර්ජාල අපරාධ නීතිය යටතේ ද~ුවම් කරන්නට කටයුතු කරන බව පවසා තිඛෙනවා. 



මේකෙ තියෙනව වගේ ගොඩක් පරණ password leak වෙලා තියෙනව කියල තියෙන්නෙ. 
ඔයාගෙ account leak වෙලාද කියල මේ link 1න් බලාගන්න පුළුවන්.


මෙතනින් බලාගන්න


Comments