බොදුබල සේනා හිමියන්ගෙන් පොලීසිය ප‍්‍රකාශයක් ගනියි!

බොදුබල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් මහනුවර පොලීසිය විශේෂ ප‍්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ මහනුවර මූලස්ථාන පොලීසියේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ කාමරයේදී විවිධ පැමිණීලි අංශයේ නිලධාරියෙකු විසින් මෙම ප‍්‍රකාශය සටහන් කරගෙන ඇති බවයි.

මහනුවර දොඩංවල පටුමගේ අන්‍යාගමික භාවනා මධ්‍යස්ථානයකට තවත් පිරිසක් සමග පැමිණ අලාභහානි සිදු කළේ යැයි උන්වහන්සේට එරෙහිව ලැබී ඇති පැමිණිල්ලක් මීට හේතු වී තිබෙනවා

Comments