“ඊළඟ ආරක්ෂක ලේකම් යටතේ අපි ඊළමක් අරඹනවා” – කොටි

නිව්යෝර්ක්‌හි එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය ඉදිරියේදී ශ්‍රී ලංකා  ජනාධිපතිවරයාට එරෙහිව ඇමරිකානු කොටි ඩයස්‌පෝරාව පැවැත්වූ උද්ඝෝෂණය මුළුමනින්ම අසාර්ථක වී ඇත.

දසදහසක්‌ ඊළාම්වාදීන් කැනඩාවේ සිට ගෙන්වා මෙම උද්ඝෝෂණය පවත්වන බව එකී උද්ඝෝෂණය මෙහෙයවූ විශ්වනාදන් රුද්රකුමාරන් ප්‍රකාශ කර තිබුණි.
එහෙත් බස්‌ රථ තුනකින් පැමිණි 300 කට නොඅඩු පිරිසක්‌ උද්ඝෝෂණයට සහභාගි වෙමින්. ඊළඟට පත්වන ආරක්‍ෂක ලේකම් යටතේ උතුරේ ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවන්නේ යෑයි ඝෝෂා කර ඇත.
ඇමරිකානු පොලිසිය මෙම කොටි උද්ඝෝෂණයට අවසර දී තිබුණි.
මෙම කොටි උද්ඝෝෂණය අතරේ අරමුදල් එකතු කිරීමක්‌ද සිදුවී ඇත.

Comments