මරදානේ සම්බාහන මධ්‍යස්ථානයක් වටලයි - 05ක් අත්අඩංගුවට

 මරදාන ඩාලි පාරේ පිහිටි‍ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් සංවිධානාත්මක අපරාධ හා දුෂණ මර්ධන කොට්ඨාශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් වටලා සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියන් තිදෙනෙකු  අත්අඩඅංගුවට ගෙන ඇත.
සැකකරුවන් කල්පිටිය හා කුඩා ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අත සැකකාරියන් උණගහ, උඩමාදුර, රත්මලාන යන ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.
මොවුන් වයස අවුරුදු 31, 34, 33 වයස් වල පසුවන බව පොලිසිය පවසයි.
සැකකරුවන් හා සැකකාරියන් අද (13) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
සංවිධානාත්මක අපරාධ හා දුෂණ මර්ධන කොට්ඨාශය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.