මම කිසිම දෙයක් විකුණුවේ නැහැ - ගප්පියා!
අන්තර්ජාලය භාවිතාකරන ඔබට ඔහු නම් අමුතු පුද්ගලයෙක් නෙවෙයි. ඔහුගේ නම ගප්පියා.. නමුත් ඔහු ඉන්නේ ඔස්ට්‍රේලියාවේ.. ගප්පියා සමග අපි සමග කළ කතා බහක්....
කවුද මේ ගප්පියා ?
මගේ නම තරිඳු විජේසේකර... ලංකාවේ මම මහරගම..
මට ඉස්කොලේ කොල්ලෝ කියන්නේ ගප්පියා
ඇයි මේවගේ දෙයක් ආරම්භ කරේ ?
ලොකූවට හිතලා කරලා පටන් ගත්තේ නැහැ... මම සිඞ්නි සිටි එකේ ඉදලා මම ගියා මේක්ලන් කියලා පොඩි ගමකට... මට හමු වුණා ලිලි කියලා පොඩි ගෑණු ළමයෙක්... එයා හිටියේ ඔය ගමේ.. ඒ ගමේ වැඩිය රස්සා එහෙම තිබ්බෙ නැහැ... මට ඉතින් ලොකු කාලයක් තිබුණා... මට ජොබ් එකක් තිබුණේ නැහැ ගොඩක් කල් යනකම්... ඉතින් මම හිතුවා වීඩියෝ එකක් හදන්න ඔනි කියලා... එහෙම තමයි පළමු වීඩියෝ එක හැදුනේ.. පිට රට කෙප්ප...
එතකොට ඔබ ඔස්ටේරිලියාවට එන්නේ කොහොමද ?
ඔස්ටේරිලියාවට මම එන්න හිතුනේ visual communication කියන subject එක ඉගෙන ගන්න... මම මෙහෙ තියන university එකට අවුරුද්දක් ගියා... නමුත් ඒක මට ඉවර කර ගන්න බැරි වුණා...
ලඟදි කාටද බැනලා තිබුණා නේද ඔබේ facebook පිටුවේ ?
ගප්පියා කියන නම් ගම් ඔක්කොම කපලා එයාලාගේ ලාංඡන දාලා ඇතුලේ වෙනස් කම් කරලා වීඩියෝ එයාලගේ චැනල්වල දාලා තිබුණා.. තව සමහරු මගේ audio කොපි කරලා තිබුණා...
මට සමහර අය කෝල කරලා, අරේ මෙහෙ කිවුවා මෙහෙම දෙයක් කරලා තියනවා කියලා... පස්සේ මට එහෙම දෙයක් සදහන් කරන්න හිතුනේ, සමහරු මගෙන් ඇහුවා " සමහර මාධ්‍ය ආයතන වලට ඔබගේ නිර්මාණ ඇයි විකුණන්නේ පහත් මාධ්‍ය ආයාතන වලට කියලා... " ඒ නමින්මයි ඇහුවේ... මම කිසිම දෙයක් විකුණුවේ නැහැ කියලා තමයි කියන්න ඔනි කම තිබුණේ... ඒ වෙලාවේ තිබුණ ආවේගයත් වචනවලට පෙරලුණා...
ඔබගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මට ලොකු ආසාවක් තියනවා ලොකු ෆිල්ම් එකක් කරන්න...
ඔබගේ රසිකයන්ට මොනවාද මේ වෙලාවේ කියන්න තියෙන්නේ ?
මගේ වීඩියෝ බලන share කරන හැමෝටම ගොඩක් ස්තුතියි.. තව විශේෂයෙන් මේ රටට එන්න උදවු කළ එරන්ද කුමාරප්පෙරුමට ස්තුති කරනවා...
ගප්පියා සමග සිදුකල කතාබහ අහන්න පහතින්
Comments