අම්බලන්ගොඩ තැපැල් සේවකයින් දහඅට දෙනකුට ඩෙංගු
අම්බලන්ගොඩ තැපැල් කාර්යාලයේ සේවකයින් දහඅට දෙනකුට ඩෙංගු වෛරසය ආසාදනය වී ඇති බවත් ඉන් බරපතළ තත්ත්වයේ රෝගීන් දෙදෙනකු මේ වන විට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව ද වාර්තා වේ.
ඉකුත් සතිය තුළ ඩෙංගු රෝගීන් දසදෙනෙකු හඳුනාගැනීමත් සමග නගරයේ හා අවට පිරිසිදු කිරීමට හා ධූමාන කටයුතු සිදු කරමින් ඩෙංගු රෝග කාරක බෝවීම පාලනය කිරීමට සෞඛ්‍ය අංශ මේ වනවිටත් පියවර ගත් බව අම්බලන්ගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනි රසිකා ද සිල්වා මහත්මිය පැවසුවාය.
අම්බලන්ගොඩ නගරයෙන් ඩෙංගු රෝගීන් දසදෙනකු ඉකුත් සතියේ වාර්තා වීමත් සමග ඩෙංගු කාරක බෝවන ස්ථාන ලෙස යැයි සැක කළ හැකි දරුවන් 103 දෙනකු ඉගෙනුම ලබන පෙර පාසලක් ඊයේ (29) සිට සතියක් වසා දැමීමට සෞඛ්‍ය අංශ හා මව්පියන් එක්ව පියවර ගත් බව එහි ප්‍රධාන පාලිකා වත්සලා සුමනසූරීය මහත්මිය පැවසීය.
මේ අතර අම්බලන්ගොඩ උතුර මහජන සෞඛ්‍ය බල ප්‍රදේශය වන පටබැඳිමුල්ල ග්‍රාම නිලධාරී වසම ඩෙංගු අවදානම් කලාපයක් ලෙස නම් කිරීමට පියවර ගත් බව අම්බලන්ගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන අතර තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනි රසිකා ද සිල්වා මහත්මිය කීවේය.