කාන්තාවක් නිරුවතින් බූරුවකු මත
ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ ගැමි කාන්තාවකට දඬුවමක් වශයෙන් අඩනිරුවතින් බූරුවකු පිට නැග ගමන් කරන මෙන් ගම් සභාව නියෝග කර තිබේ.
ඒ අනුව දඬුවමට යටත් කළ හතළිස් පස් වියැති කාන්තාවට බූරුවකු පිට නැග අඩනිරුවතින් පැයක කාලයක් ගමන් කිරීමට සිදු විය.
තම ඥාති පුත්‍රයා ඝාතනය කළ බවටයි නොනිල වශයෙන් ඇයට චෝදනා එල්ල වී තිබෙන්නේ.
කාන්තාවට දඬුවම් ලබා දීම සඳහා සහභාගී වූ තිස් දෙනක් පමණ පොලිස් අත්අඩංගුවට පත් වූහ.
ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි නොකර ඥාතීන් ඉහත කී පුද්ගලයාගේ සිරුරු ආදාහනය කර තිබේ.
ඉන්දියාවේ පන්චායත් නමින් හඳුන්වන ගම් සභාව මගින් නියම කළ ඉහත කී දඬුවම සම්පුර්ණයෙන් නීති විරෝධී බව රාජස්ථාන ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ බලධාරියකු බීබීසීයට පැවසුවේය.