මඩකළපුවේදී පොලිස් කැබ් රියකට ගිනි තබයි


මඩකලපුව, කොක්කොඩිචෝලෙයි පොලිස් වසමේ ඊයේ (12) රාත‍්‍රියේ පොලිස් නිලධාරීන් හා සිවිල් වැසියන් පිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් පොලිස් ජීප් රථයක් ගිනි තබා විනාශ කර තිබේ. මෙම ගැටුමින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හා සිවිල් වැසියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

ඊයේ රාත්‍රී 9.00 ට පමණ කොක්කොඩිචෝලෙයි පොලිස් වසමේ කාංචිරන්කුඩා පනෙයියරුප්පාන් ප්‍රදේශයේදී මෙය සිදුවී ඇත. නීති විරෝධී මත්පැන් අත් අඩංගුවට ගැනීම සඳහා ගිය පොලිස් නිලධාරීන් පිරිසකට මෙම ප‍්‍රහාරය එල්ල වී තිබේ.

ප‍්‍රහාරයට ළක් වී බරපතල තුවාල ලබා ඇති පොලිස් නිලධාරීන් දෙදෙනකු බරපතල තුවාල ලබා මඩකලපු ශීක්ෂණ රෝහලේ හදිසි ප‍්‍රතිකාර අංශයේ ඇතුලත් කර ඇති අතර තුවාල ලද කාන්තාවන් දෙදෙනකුද මඩකලපු ශීක්ෂණ රෝහල් හදිසි ප‍්‍රතිකාර අංශයේ ඇතුලත් කර ඇත.







Comments