බාල වයස්කාර ඥාති පුතා එක්ක පවුල් කෑ තිදරු මවක

සැමියා මැදපෙරදිග සේවය කරන අතරතුර 16 හැවිරිදි ඥාති පුත්‍රයෙක්  සමග පවුල් කෑ 32 හැවිරිදි  තිදරු මවක්  රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.  මෙම කාන්තාව සිය  සැමියාගේ අක්‌කාගේ 16 හැවිරිදි පුතා සමග පලාගොස්‌ මහනුවර ප්‍රදේශයේ සැඟවී මාස 2 1/2 කාලයක්‌ පවුල් ජීවිතයක්‌ ගතකරද්දී පොලිස්‌ අත්අඩංගුවට පත්ව පසුව මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  සැප්තැම්බර් මස 9 වැනිදා දක්‌වා රිමාන්ඩ් භාරයට පත්  කෙරිණ

මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් එම කතට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව ඇය මීගමුව අක්‌කර 50 ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කතකි. ඇය රූමත් තිදරු මවකි. බාල වයසේදී පති කුලයට පිවිසි ඇය මේ වන විට වසර 5 , 10 සහ  15  හැවිරිදි  දරු තිදෙනකුගේ මවකි. මෙයින්  5 , 15 හැවිරිදි වයස්‌වල දරුවන් දෙදෙනා පිරිමින් වන අතර 10 හැවිරිදි දරුවා ගැහැනු ළමයෙකි.

මෙම කතගේ සැමියා රැකියාවක්‌ සඳහා විදේශගත වීමට පෙර බිරිඳ සහ දරුවන්ගේ වැඩි ආරක්‍ෂාව සඳහා සැමියාගේ දෙමාපියන්ගේ නිවසට ඇරලවා තිබේ. සැමියාගේ අක්‌කාගේ නිවස ද සැමියාගේ මහ ගෙදර අසල පිහිටා තිඛෙන අතර සැමියාගේ අක්‌කාට අවුරුදු 16 වියෑති තරුණ පුතෙක්‌ සිටී. ටික කලක්‌ යත්ම මෙම කාන්තාව සිය  ඥති පුතාව කම් සැපයට පොළඹවා එම තරුණ පුතු තම අනියම් පුරුෂයා කරගෙන ඇත.
සබදතාව දුරදිග ගිය පසු ඔවුන්  දෙදෙනා  හුදකලාවේ ජීවත් වීමට තීරණය කර  මහනුවර ප්‍රදේශයට පලාගොස්‌ නැන්දාගේ යෙහෙළියකගේ නිවසක ලැගුම්ගෙන ඔවුන් අඹු සැමියන් වශයෙන් මාස 2 1/2 ක්‌ කල්ගත කොට ඇත.

තම පියා විදේශගතවීමත්, තම මව වෙනත් ප්‍රදේශයකට පළායැම නිසා නිසි රැකවරණයක්‌ නොමැති බාලවයස්‌ දරු තිදෙනා මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පිහිට පතා පැමිණිලි කොට ඇත. පසුව පොලිස්‌ විමර්ශන වලින් අනතුරුව මහනුවර ප්‍රදේශයේ සැඟවී සිටි අලුතින් පවුල් ජීවිතය ඇරඹූ එම යුවළ පොලිස්‌ අත්අඩංගුවට පත්ව ඇත.

බාලවයස්‌ කුඩා දරු තිදෙනාට නිසි රැකවරණය ලබා නොදීමේ චෝදනාව මත 32 හැවිරිදි මව මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. එම ළමුන් තිදෙනා සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක්‌ කැඳවීමට මීගමුව පොලිසියට නියෝග කළ මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය එම තිදරු මව සැප්තැම්බර් මස 9 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

විත්තිය වෙනුවෙන් නීතිඥ වෙනුර ගුණවර්ධන මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 9 වැනි දින පැවැත් වේ.

Comments