ඉස්ලාම් පුජකයෙක් තමන්ම ගස් බැඳගෙන




අධිකරණයේදී ව්භාගවන නඩුවකින් මග ඇරීමට උපක‍්‍රමයක් වශයෙන් කුච්ච්වේලි ජයා නගර් අල්මස් සිදුර් රමානියා මුස්ලිම් පල්ලියේ පූජකවරයෙක් කැලෑවක කඹයකින් බැද දමා සිටියදී සොයාගත් බව කුච්චවේලි පොලීසිය කියයි.

මොහු පාසල් සිසුවෙකුට කියා ගස් බන්දවාගෙන ඇතැයි මේ සම්බන්ධයෙන් කළ පරීක්ෂණයකදී හෙළිවීම නිසා ඔහු අත්අඩංගුවට ගත් බව කුච්චවේලි පොලීසිය කියයි.

අබ්දුල් රහුමාන් අබ්දුල් සලාම් නැමැති පූජකවරයෙක් මෙසේ අත්අඩංගුවට ගනු ලැබ  ඇත.

තම සැමියා පෙරේදා අලූයම කාලයේ සිට අතුරුදහන්ව සිටින බවට ඔහුගේ බිරිද කුච්චවේලි පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වමින් සිටි අතරවාරයේ පූජකයා  අවුරුදු 15 ක පමණ වයසේ පසුවන සිසුවෙකු සමග කඹයක්ද රැගෙන  යන අයුරු පොලිස් බුද්ධි අංශ නිලධාරියෙකු දැක ඒ බව පොලීසියට දැනුම් දී ඇත.

පසුව එම සිසුවා සොයාගෙන ඔහුගෙන් පොලීසිය ප‍්‍රශ්න කර ඇති අතර පූජකයා සමග කැලෑවට ගොස් ඔහුගේ ඉල්ලීම මත ඔහුව කඹයෙන්  ගහේ බැද දැමූ බවත් මේ ගැන කිසිවෙකුටත් නොකියන ලෙස තමාට  දැනුම්දුන් බවත් සිසුවා පොලීස් ප‍්‍රශ්න කිරීමේදී හෙළි කළ කර ඇත.