ජනපතිගේ කොන්දේසි ඉන්දියාව පිළිනොගනී.
ශ්‍රී ලංකාවේ මහාධිකරණය විසින් මරණ ඳඬුවම නියම කල තමිල්නාඩු ධීවරයන් 05 දෙනාව කොන්දේසි විරහිතව කඩිනමින් නිදහස් කල යුතු බව අප අඛණ්ඩව අවධාරණය කරන්නෙමු. ඒ සඳහා වන නීතිමය කටයුතු වල නිරතවෙන්නෙමු” යනුවෙන් ඉන්දීය රජයේ ආරංචි මාර්ග සඳහන් කර ඇත.
තමිල්නාඩු ධීවරයන්ට නියමකල මරණ දඬුවමට එරෙහිව ඉන්දීය මධ්‍යම රජය විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිපත් කර ඇත. නමුත් එය විභාග කිරීමට ශ්‍රී ලංකා රජය කැමත්තක් නොදක්වන බව දැනගැනීමට ලැබී ඇත. ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉදිරිපත් කල අභියාචනය විභාග කලොත් එය අවසන්වීමට මාස 06කට වැඩි කාලයක් ගතවන බවත්, ඉදිරිපත් කල අභියාචනය ඉල්ලා අස්කර ගන්නේ නම් පොදු සමාවක් ලබාදීමට සුදානමින් සිටින බවත්, පොදු සමාවක් ලැබීමෙන් ධිවරයන් 05 දෙනාට දින 03 ඇතුලත නිදහස් විය හැකි බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ තමාට ප්‍රකාශ කල බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා ගනේෂන් ප්‍රකාශ කර ඇත.
මෙවැනි පසුබිමකදී, ඉන්දීය මධ්‍යම රජය විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පොදු සමාව පිළිබඳ යෝජනාව ප්‍රතික්‍ෂේප කර ඇත. මේ සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජය පෞද්ගලික මාධ්‍යයකට අදහස් දැක්වූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර ඇත. තමිල්නාඩු ධීවරයන් 05 දෙනා කොන්දේසි විරහිතව කඩිනමින් නිදහස් කල යුතු බව අප අඛණ්ඩව අවධාරණය කරන අතර, ඒ සඳහා වන නීතිමය කටයුතු වල නිරතවසිටින්නෙමු. එබැවින් අප ඉදිරිපත් කල අභියානය ඉවත්කර ගැනීමට නොහැකිය යනුවෙන් ඉන්දීය මධ්‍යම රජය ප්‍රකාශ කර ඇත.