සැමියාගේ අනියම් බිරිඳ යයි සිතා ඇයට පිට පිටම පහර දුන්නේය
බිරිඳ විසින් ඇය තම සැමියාගේ හොර අඹුව ලෙස සැක සිතා එම කාන්තාවගේ දතක් ගැලවෙන්නට පහරදීමේ සිද්ධියක් ගම්පොළ ප්රදේශයෙන් වාර්තා වේ.
මහනුවර (Kandy) සිට නාවලපිටිය දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක ගමන් ගත් කාන්තාවකට අතරමගදී බස් රථයේ එක්වරම කාන්තාවක් පැමිණ දිගින් දිගටම පහරදී ඇති බව වාර්තා වේ.
කට තුවාල වී දතක්ද ගැලවී යෑම නිසා ඒ බව රියැදුරාට පවසා පොලිසියට රැගෙන යන ලෙස ඉල්ලුවද තුවාල ලත් කාන්තාව ප්රතිකාර සඳහා රෝහලකටවත් රැගෙන නොගොස් ඇය අතරමගින් බස්වා බස් රථය ගොස් ඇති බව ඇය පවසයි.
පසුව කාන්තාව රෝහල්ගත වී මෙම පහර දුන් කාන්තාව පිළිබඳව සොයා බැලීමේදී ඇය රියැදුරාගේ බිරිඳ බව හඳුනාගෙන ඒ බව ගම්පොළ පොලිසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව රියැදුරු පොලිසියට රැගෙන විත් ප්රශ්න කිරීමේදී පවසා ඇත්තේ තම බිරිඳ තමා ගැන සැකයෙන් සිටින නිසා මෙම කාන්තාව තමාගේ අනියම් බිරිඳ යැයි සැක සිතා පහරදී ඇති බවයි.
එම කාන්තාවද පවසා ඇත්තේ කරුණු වරදවා වටහාගෙන පහර දුන් බවය.
තුවාල ලත් කාන්තාව ගම්පොළ ශික්ෂණ රෝහලේ තුන වාට්ටුවේ ප්රතිකාර ලබන අතර ගම්පොළ පොලිසිය පරික්ෂණ පවත්වයි.