ගල්කිස්සේදී දුම්රියක් පීලි පනී.

කොළඹ සිට කළුතර බලා ධාවනය වූ දුම්රියක් ගල්කිස්ස දුම්රිය ස්ථානයේදී පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවල ප‍්‍රමාදයක් මතුව තිබෙනවා. අද (25) දහවල් 12.05 ට කොළඹ සිට කළුතර බලා ධාවනය වූ මෙම දුම්රිය ගල්කිස්ස දුම්රිය ස්ථානයේදී දුම්රිය මැදිරියක රෝද දෙකක් ගැලවී ගොස් පීලි පැනීමට ලක්වුණා. කෙසේ වෙතත්, දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

Comments