තවත් ෆේස්බුක් කාමාතුරයෙක් කොටු වෙයි.
ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවියකින් පණිවිඩ එවමින් තරුණියකගේ නිරුවත් ඡායාරූප තමන් ළඟ ඇති බවට පවසා තර්ජනය කළ පානදුර ප්‍රදේශයේ 22හැවිරිදි තරුණයකු පසුගියදා (20) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාරමින් සිට කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණි තරුණියකගේ නිරුවත් ඡායාරූප සැකකරු ළඟ ඇති බවත් ඒවා අන්තර්ජාලයට මුදා නොහැරීමට නම් තමන් හමුවට එන ලෙස තරුණියට සැකකරු තර්ජනය කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට ආ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බවය.
සැකකරු ෆේස්බුක් ජාලය මගින් බාලිකාවන් රවටා ඔවුන් අපයෝජනය කර ඇති අතර ඒවාට සම්බන්ධ වීඩියෝ දර්ශන ඇතුළත් දත්ත රඳවනයක් (පෙන් ඩ්‍රයිව්) සොයාගෙන ඇත.
මේ ආකාරයෙන්ම සැකකරු තවත් තරුණියකට තර්ජන කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබී ඇතැයි පොලිස් මූලස්ථාන වාර්තා පවසයි.
සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 29වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග ලැබී ඇත.
Comments