ගම්බිම් බලා එන්නට යාපනයට ආ යාල්දේවිය
යාල්දේවිය වසර තිහකට පසුව යාපනය බලා අද පැමිණියාය.
උතුරු දුම්රිය මාර්ගයට, කොකාවිල් ප්‍රදේශයේදි 1985 වසරේ ජනවාරි 19 වැනි දින එල්.ටී.ටී.ඊ ත්‍රස්ථවාදීන් එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව යාපනය දක්වා යාල්දේවි දුමිරිය ධාවනය නොවීය.
සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හා උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරල් ජි.ඒ.චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ දුම්රිය අද (22) යාපනය දක්වා ධාවනය කරවීය.
දුමිරිය ගමනට එක් වු උතුරු දුමිරිය මාර්ගයේ ඉදිකිරීම් භාර ඉංජිනේරුවන් පැවසුෙවි එළැඹෙන ඔක්තෝබර් මාසයේදි යාපනය දක්වා දුම්රිය සේවය ආරම්භ කිරීමට නියමිත බවයි.
පරීක්ෂණ දුමිරිය ගමන සඳහා දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන්,උතුරු දුමිරිය මාර්ගයේ ඉදිකිරීම් භාර ඉර්කෝන් ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද සහභාගි වි සිටියහ.
Comments