ජනපති යුද අධිකරණයට ගෙන යන්නට ඉඩ දෙන්නේ නැහැ මෛතී‍්‍රපාලගෙන් ප‍්‍රකාශයක්


ජාත්‍යන්තරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව එල්ල වන ඕනෑම අභියෝගයක් වෙනුවෙන් තමන් ජනාධිපතිවීමෙන් පසුව වුවද පෙනී සිටින බව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු  මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුනොත් එතුමාව අධිකරණයට ගෙනයනවා කියා පිටරට සිටින LTTE  එක සම්බන්ධ දෙමල ඩයස්පෝරාව ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා.

මම ඉතාම පැහැදිලිව කියන්න කැමති මගේ ජයග්‍රහණයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසුව මහින්ද මහතා, එතුමාගේ පවුලේ, ආරක්ෂක ලේකම්තුමා හෝ රට ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමට කටයුතු කල ත්‍රිවිධ හමුදාව හමුදාව ඇතුළු සියලු දෙනාම මම LTTE එක සම්බන්ධ ඩයස් පෝරාවෙන් ආරක්ෂා කරන බවට පොරොන්දු වෙනවා.

Comments