යාපනය සරසවියේ මහවිරු සැමරුමක්
යාපනය විශ්ව විද්‍යාලය තුළ මහවිරු සැමරුම් උත්සවයක් ඊයේ රාති‍්‍ර පවත්වා ඇතැයි ආරක්ෂක අංශ පවසනවා. විශ්ව විද්‍යාල භූමියේ ස්ථාන කිහිපයක පහන් හා ඉටිපන්දම් දල්වා මහවිරු සැමරුම් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
ශිෂ්‍ය නේවාසිකාගාර තුළද මහවිරු සැමරුම් පවත්වා තිබෙනවා. කෙසේවෙතත් යාපනය විශ්ව විද්‍යාලයේ සිදු කරන මහවිරු සැමරුම් නතර කිරීම සදහා ඉකුත් 26 වනදා සිට දෙසැම්බර් පළමු වනදා දක්වා විශ්ව විද්‍යාලය වසා දැමීමට එහි පාලන අධිකාරිය පසුගියදා තීරණය කළා. විශ්ව විද්‍යාල අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු ප්‍රකාශ කළා.
Comments