මුම්බායි ඉන්දියන්ස් නායකත්වය මාලිංගට නෙවෙයි පොලාඩ්ට. .
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වය කිරන් පොලාඩ්ට හිමිවී තිබෙනවා. ඒ අනුව හෙට (13) ආරම්භවීමට නියමිත වැම්පියන්ස් ලීග් තරඟාවලියේ මුම්බායි කණ්ඩායම පොලාඩ් මෙහෙයවනු ඇති. රෝහිත් ෂර්මාගේ උරහිස් ප්‍රදේශයේ සහ ඇඟිලි වල ඇති වී තිබෙන ආබාධයක් හේතුවෙනුයි කිරන් පොලාඩ් මුම්බායි කණ්ඩායමේ නායකත්වයට පත්කර තිබෙන්නේ.
රෝහිත් ෂර්මාගේ ශාරීරික ආබාධයත් සමග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වය සඳහා ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග, කොදෙව්හි කිරන් පොලාඩ් හා ඉන්දියාවේ හර්බජන් සිං ඉදිරියෙන් සිටින බව ඉන්දීය මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණා.
මාලිංග සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායම ශ්‍රී ලංකාවේ පැවැති පන්දුවාර විස්සයි20 තරඟාවලියේ ජයග්‍රහණය කරා රැගෙන යාමත්, පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට හිමිකර දීමත් හා ඉන්දියන් ප්‍රිමයර් ලීග තරඟාවලියේ සාර්ථකම පන්දුයවන්නා බවට පත්ව තිබීමත් හේතුවෙන් ඔහු මුම්බායි කණ්ඩායමේ නායකත්වය සඳහා ඉදිරියෙන් සිටිනව බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

Comments