අගමැතිට කළු කොඩිය දැමූ වයිකෝගේ පිරිසක් අත්අඩංගුවේ
ආගමික වතාවත් සඳහා ඉන්දියාවට ගිය අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාට විරෝධය පළකිරීම සඳහා කළු කොඩි එසවීමේ වැඩසටහනක් දියත්වී තිබේ.
අග්‍රමාත්‍යවරයා අද (07) පෙරවරුවේ තිරුප්පති දේවාලයට පැමිණි අවස්ථාවේදී තිරුත්තනිවල සිට පැමිණි වයිකෝගේ නායකත්වයෙන් යුතු එම්.ඩී එම්.කේ පිරිසක් කළු කොඩි ඔසවාගෙන විරෝධතා පාගමනක නිරතවූ බව ඉන්දීය පුවත් සේවා සඳහන් කරයි.
100 ට අධික පිරිසක් මෙලෙස විරෝධය දක්වමින් පැමිණෙමින් සිටියදී ඉන්දීය පොලීසිය විසින් ඔවුන්ගේ මග අවුරා අත්අඩංගුවට ගෙන ඇති බවත්, මේවන විට ඔවුන් රඳවා තබා ඇති බවත් සඳහන්ය.
අග්‍රාමාත්‍යවරයා නැවත ලංකාවට යනතුරු තේනිකුඩා ගුවන්තොටුපළේ සිට තිරුමලෙයි දක්වා ආරක්ෂාව තරකර ඇති බවත්, ඊයේ දිනයේ සිටම බෝම්බ නිෂ්ක්‍රීය අංශ,පොලිස් සෝදිසි මෙහෙයුම් වැඩසටහන් ක්‍රියාත්මක වූ බව நக்கீரன் පුවත් සේවය වැඩිදුරටත් කියා සිටියි.