දුව ගැබිනියක් කළ පියා වින්නඹුකමත් කරලා

තාත්තට ඇති බිය නිසාම මම
හැම වේදනාවක්ම ඉවසන් හිටියා 

අගහිගකම් මැද්දේ ගෙවන කටුක ජිවතයේ මිදී සිය දරුවන්ගේ අනාගතය ගොඩ දැමීම පිණිස බිරිය රට රස්සාවට යවා තම ‍ලෙයින් ‍‍මෙ‍ලොවට ජාතක කළ බාළවයස්කාර දියණිය වරින් වර දුෂණයට ලක් කරමින් සිය කාමාශාවන් සන්සිදුවගත් නරුම පියෙකු, තමන් අතින් ගැබ්බර වූ දියණියට දරු ප්‍රසූතිය සදහා වින්නඹුකම් ද කර, ඇය බිහිකළ දරුවා අන් අයකුට හදා වඩා ගැනීමට දුන් පුවතක් පිළිබඳව අපට අසන්නට ලැබුණි.

අදාළ පාපතරයා නීතියේ රැහැනට කොටු වූ පසු ඔහුට බරපතළ වැඩ සිහිතව වසර දහයක සිර දඩුවමක්
නියම කළ පුත්තලම මහාධිකරණ විනිසුරු ‍කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊට අමතරව දැරියට වන්දි ව‍ශ‍යෙන් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ‍ගෙවීමටද නිය‍ම ක‍ළේ ය. මෙ‍සේ දඩුවම් නියම වූ‍යේ පුත්තලම පලාවිය දලුවම ප්‍රදේශ‍යේ
පදිංචි වර්ණකූලසූරිය විල්මන් ඇ‍ලෙක්සැන්ඩර් නැමැති හතළිස් දෙහැවරිදි තිදරු පියකුට ය. වාර්තාවුණ ආකාරයට අදාළ සිදුවීම මෙසේ ය.

වයස අවුරුදු 16යි මාස 5ක් වයසැති දැරියක විටින් විට බලහත්කාර‍යෙන් ‍කෙ‍ලෙසී‍මේ ‍චෝදනාව මත ‍මෙම ඔහුට නඩුව පවරා තිබිණි. විත්තිකරු තිදරු පියකු වන අතර අතවරයට පත් දැරිය ඔහු‍ගේ වැඩිමහලු දියණිය ‍වේ. අධි ‍චෝදනා පත්‍රය ඉදිරිපත් කළ අවස්ථා‍වේ දී විත්තිකරු තමන් වැරැදිකරු බව ප්‍රකාශ කළ බැවින් ‍මෙම නඩු‍වේ සාක්කි විමසීමක් සිදු ‍නොවී ය.

ඒ අනුව පැමිණිල්ල ‍මෙ‍හෙය වූ රජ‍යේ අධි නීතිඥ ලිශාන් රත්නායක මහතා මහාධිකරණ විනිසුරවරයා හමු‍වෙහි කරුණු දක්වමින් ‍මෙ‍සේ පැහැදිලි කිරීමක් ක‍ළේය. ‍මෙම විත්තිකරු කම්කරුවකු වශ‍යෙන් ‍සේවය කරමින් තම බිරිය සහ දරු ති‍දෙනා ‍පෝෂණය කර ඇත. දිනපතා උ‍දේ වැඩට යන ඔහු සවසට ‍ගෙදර එනු‍යේ පදම ඉක්මවා මත්පැන් පානය කිරී‍මෙන් පසුවයි. ඔහු‍ගේ දරුවන් අතරින් අතවරයට පත් වැඩි මහලු දියණිය සිය මව ‍තෙවැනි දරු උපත කරන අවස්ථා‍වේදීද සහාය ලබාදී ඇත.

‍මේ අතර විත්තිකරු‍ගේ බිරිය තම පුවු‍ලේ දරිද්‍රතාව නැති කර ගනු පිණිස ගෟහ ‍සේවිකාවක වශයෙන් ‍සේවය කිරීමට මැද ‍පෙරදිග රටකට ‍ගොස් ඇත. විත්තිකරු මෘග ගති ඇත්තකු වූ බැවින් ඔහු සිය දරුවන්ට ද දැඩි ‍ලෙස දඩුවම් පමුණුවන නිසා දරුවන් ද ඔහුට දැඩි ‍ලෙස බියක් දැක්වූ අතර, පියාගේ අඩන්‍තේට්ටම් නිහඩවම විද දරා ගැනීමට දරුවන් ද පුරුදුව සිට ති‍බේ.

මව රස්සාවට ගිය පසු ඇය තම මල්ලි සහ නංගි‍ගේ පාසල් කටයුතු පහසු කිරීම පිණිස සිය පාසල් ගමන නතර කර ‍ගෙදර වැඩට ‍යොමු වූ ‍අතර, විත්තිකරු රාත්‍රී කාල‍යේ දී දැරියට අතවර කර ඇති අතර පියාට ඇති බිය නිසාම ඇය එය කිසිවකුටත් ‍නොකියා විද දරා ‍ගෙන ති‍බේ.

පසුව ඇය ගැබිනියක වූ අතර නි‍වෙ‍සේදීම දරු ප්‍රසූතියද කර ඇත. වින්නඹුකම කර ඇත්තේ විත්තිකරු වන පියාම ය. දරුවා‍ගේ ‍පෙකිණිය බ්ලේඩයකින් කපා දැමූ විත්තිකරු දරුවා ‍ගෙන ‍ගොස් හදා වඩා ගැනීම පිණිස අන් අයකුට දී ඇති අතර ‍මෙම දරු ප්‍රසූති‍‍යේ දී දියණියට අධික ‍ලෙස රුධිරය ගලා යෑම නිසා දැරිය පුත්තලම ‍රෝහලට ඇතුළත් කර තිබිණි.

එහිදී ඇය තම පියා‍ගේන් සිදු වූ අතවරයක් නිසා දරුවකු ප්‍රසූත කළ බව ‍වෛද්‍යවරුන්ට පවසා ‍රෝහ‍ලෙන් පලා ‍‍ගොස් තිබිණි.

‍මේ අතර අසල්වැසියන් සිද්ධිය දැන‍ගෙන ඒ බව ‍පොලීසියට දැන්වී‍මෙන් පසු විත්තිකරු අත්අඩංගුවට ‍ගෙන නීතිය මගින් කටයුතු කර ඇති අතර, ‍මෙම අතවර සිද්ධිය මුලින් කිසිවකුට ‍හෝ ‍නොදන්වා ඇත්තේ පියාට ඇති බිය නිසා බව එහිදී ‍හෙළිවිය යනු‍වෙන් ද රජ‍යේ අධී නීතිඥවරයා කරුණු දක්වමින් අධිකරණයට පැවැසීය.

සිද්ධිය සම්බන්ධ‍යෙන් වරදකරු වූ පියාට බරපතළ වැඩ සිහිතව වසර දහයක සිර දඩුවමක් නියම කළ පුත්තලම මහාධිකරණ විනිසුරු ‍කේ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊට අමතරව දැරියට වන්දි ව‍ශ‍යෙන් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ‍ගෙවීමටද නිය‍ම ක‍ළේය.


Comments