අතුරුදන් වූ දැරිය ගැන සාර්ථක තොරතුරකට මිලියනයක්. .

කුරුණෑගල - ගනේවත්ත - අඹකොලවැව ප‍්‍රදේශයේදී අතුරුදන් වූ දැරිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 10 ක ත්‍යාගයක් පිරිනැමීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙනවා. යම් තොරතුරක් 0112 422 176, 0113 024 245 හෝ 0777 223 095 දුරකතන අංකවලට දැනුම්දෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

පෙරේදා (09) අලූයම සිය සොහොයුරා සමඟ නිවසේ නිදා සිටියදී අතුරුදන් වූ සිව් හැවිරිදි තමාරා හේෂලී විජේකෝන් නැමැති මෙම දැරිය සෙවීම සඳහා රහස් පොලිසිය ඇතුළු පරීක්ෂණ කණ්ඩායම් 06 ක් අඛණ්ඩව පරීක්ෂණ කි‍්‍රයාත්මක කර තිබෙනවා.


Comments