ඉස්ලාම් සටන්කාමීන් අල්ලා ගන්නා කුර්දි තරුණියන් ලිංගික වෙළඳ පොලේ




ඉරාක ඉස්ලාමික රාජ්‍ය සටන්කාමීන් විසින් අල්ලාගනු ලැබූ සුළු ජාතික ඉසාඩි කුර්දි ජාතික තරුණියන් වහල් වෙළඳපොළකදී ලිංගික වහලූන් ලෙස අලෙවි කරනු ලබන වීඩියෝවක් අන්තර්ජාලයේ පළකර ඇතැයි වාර්තා වේ.
අද වහල් වෙළඳපොළ දිනය ලෙස අයිසිස් සටන්කාමියකු විසින් එම විඩියෝව නරඹන පේ‍්‍රක්‍ෂකයන්ට පවසන අතර ඔහු සඳහන් කරන්නේ එම දිනය තුළදී සෑම සටන්කාමියකුටම තම කොටස ලැබෙන බවයි.
බස හසුරුවන ආකාරය අනුව සවුදි ජාතිකයින් ලෙස සැලකිය හැකි සටන්කාමීන් පිරිසක් කොළ හෝ නිල් පැහැති ඇස් ඇති ඉසාඩි තරුණියකගේ මිල කොපමණ වේ දැයි සංවාද කරන දසුනක්ද එම වීඩියෝවේ අන්තර්ගත වේ. වීඩියෝව මෙතනින්.
එක් ටක්ෆිරි ත‍්‍රස්තවාදියකු එහිදී පවසන්නේ තම වහලා විකිණීමට කැමති  ඕනෑම කෙනෙකුට, තම වහලා ත්‍යාගයක් ලෙස ලබාදීමට කැමති  ඕනෑම කෙනෙකුට තමන්ට රිසි දේ කළ හැකි බවයි.
මෙම දසුන් උතුරු ඉරාකයේ ඉස්ලාමික රාජ්‍ය පාලනයේ ඇති මොසුල් නගරයේදී පටිගත කර ඇතැයි සැලකේ.  සැප්තැම්බර් මසදී ඇම්නස්ටි ඉන්ර්නැෂනල් ආයතනය පවසන ලද්දේ දහස් ගණනක් නොවේනම් සිය ගණනක් ඉසාඩි කාන්තාවන් හා දැරියන් ඉස්ලාමික රාජ්‍ය ත‍්‍රස්තවාදීන් විසින් වහලූන් ලෙස යොදාගන්නා බවයි.
ඉස්ලාමික රාජ්‍යද මෙම හැසිරීම නිල වශයෙන් පිළිගෙන තිබේ.  ඉසාඩි හා ක‍්‍රිස්තියානි තරුණියන් 500ක් පමණ මෙලෙස ලිංගික වහල් වෙළඳපොළවල අලෙවි කෙරෙන බව ඉරාකයේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින්ද පවසා ඇත.