ෆේස්බුක් භාවිත කරන්නන්ගෙන් ගාස්තු අය කරන්නේ නෑ..
ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ ගිණුම් ඇති අයගෙන් මාසිකව ගාස්තුවක් අය කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කළේ යැයි කී ප්‍රචාරයන් අසත්‍යබව එම සමාගම දැනුම් දී තිබේ.
මේ පිළිබඳව විදේශ පුවත් වෙබ් අඩවිවල දැක්වෙන්නේ ෆේස්බුක් සාමාජිකයින්ගෙන් එම සමාගම් කිසිදු ගාස්තුවක් අය කිරීමට තීරණයක් ගෙන නැති බවය.
ඒ අනුව නොවැම්බර් 01වැනිදා සිට සෑම Facebook සාමාජිකයෙකුගෙන් ම මාසිකව අමෙරිකානු ඩොලර් 2.99ක ගාස්තුවක් අය කිරීමට එම සමාගම තීරණය කර ඇති බවට පල වූ ප්‍රචාර අසත්‍ය වේ. ගාස්තු සම්බන්ධයෙන් පල වූ සෑම ප්රචාරයක්ම අසත්‍ය වන බව ෆේස්බුක් සමාගම පවසයි.
Comments