එජාප අපේක්‍ෂක රිය පොලිස් නිලධාරියා යට කරයි.. නිලධාරියා මරුට..

මොණරාගල දිස්ත‍්‍රික්කයෙන් ඌව පළාත් සභාවට තරඟ වදින එජාප අපේක්‍ෂකයෙකුගේ කැබ් රථයක් හා යතුරු පැදියක් අනතුරට පත් වීමෙන් පොලිස් නිලධාරියෙකු මිය ගොස් තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ බිබිල නගරයේ බිබිල, පදියතලාව මාර්ගයේ මහියංගන පාරට හැරෙන වටරවුම අසලයි.
අනතුරින් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු වූ බිබිල පොලිස් ස්ථානය අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් අරක්‍ෂක සහායක භටයා බිබිල රෝහලට ඇතුලත් කිරිමේදි මිය ගොස් ඇත.


Comments