Skip to main content
නීති විරෝධී ලෙස ගිනි අවි සහ යුද හමුදා නිල ඇඳුම් කිහිපයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලිමක දී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සතුව තිබී යුද හමුදා විශේෂ බලකාය භාවිත කරන නිල ඇඳුම් කමිස 5ක් සහ කලිසම් 4ක් සහ විශේෂ බලකා ලාංඡන සහිත කැප් 3ක් සොයාගෙන තිබේ.
මනුෂ්‍ය ඝාතනයක් සහ කොල්ලකෑම් කිහිපයකට ද සැකකරු මීට පෙර සම්බන්ධ වී ඇති බවට පොලිසිය සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බව සඳහන්ය.
සැකකරු අද(20) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.